මොහොතක් සිටින්න

මහමෙව්නාව මෙල්බර්න් වෙස්ට් භාවනා අසපුව මගින් දියත් කෙරෙන උතුම් ශාසනික මෙහෙවර ඉඩකඩ සහිත ස්ථානයක පහසුවෙන් සිදුකිරීමේ උතුම් අදහස් පෙරදැරි කරගෙන මිලදී ගත් මෙම පුණ්‍ය භූමිය බොහෝ දෙනෙකුට උතුම් සදහම් දායදය ලබා දෙනු වස් සම්බුදු සසුනට පූජා කොට පමණ කළ නොහැකි තරම් පින් රැස් කොට දෙව්ලොව සැපත් අමා මහ නිවන් සැපත් සළසා ගැනීමේ අතිශය දුර්ලභ අවස්ථාවක් දැන් උදා වී ඇත.

මහා සංඝරත්නය පරිහරණය කිරීමෙන් රැස් වන පිනට අමතරව ධර්ම දේශණා, ධර්ම සාකච්ඡා, මාසික සීල වැඩසටහන්, උදෑසන සවස සම්බුද්ධ වන්දනා, බෝධි වන්දනා, සෑ වන්දනා, සත්බුදු වන්දනා, පිරිත් සජ්ඣායනා, දරුවන්ගේ දහම් පාසල, යොවුන් දරුවන් සදහා කෙරෙන දහම් අධ්‍යාපනය ආදී නොයෙක් ශාසනික කටයුතු වලින් දිවා රෑ පින් රැස්වෙන අති දුර්ලභ පිනකි මෙම ආවාස දානය.