
ගෞතම බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් පිහිට සළසාදීමේ අරමුණින් 2019 වසරේ දී මෙල්බර්න් වෙස්ට් මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන ලදී. මේ වන විට එමගින් මාසික සීල භාවනා වැඩසටහන්, ළමා වැඩසටහන්, යොවුන් වැඩසටහන්, වස්සාන වැඩසටහන් මාලාවන්, අසපුවේ සිදුකරන ධර්ම දේශණා සහ භාවනා වැඩසටහන්, නිවෙස් වල සිදුකරන ධර්ම දේශණා සහ සෙත් පිරිත් සජ්ඣාඣායනා කිරීම් ආදී නොයෙකුත් සදහම් වැඩසටහන් සිදුකරමින් සුවිශේෂී සාසනික මෙහෙවරක් සිදුකරනු ලබයි.
මෙසේ බොහෝ දෙනාට සෙත සුව සළසමින් මෙම භාවනා අසපුව පවත්වාගෙන යනු ලබන්නේ සැදැහැවත් ඔබගේ පින්බර දායකත්වයෙනි. එසේ ඔබ පිරිනමනු ලබන මුදල් පරිත්‍යාගයෙන් අප අසපුවේ මාසික ණය පියවීමටත්, සංඝෝපස්ථාන සදහාත්, දුරකථන සහ ජල බිල්පත් සදහාත්, ස්වාමීන් වහන්සේලාගේ වීසා සහ ගුවන් ගමන් ටිකට් පත් ආදිය සදහාත්, අසපුව තුළ සිදුවන සංවර්ධන ක්‍රියාවන් ආදිය සදහාත් යොදා ගනු ලබයි.
උතුම් ශාසනික කටයුතු තව දුරටත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම පිණිසත්, අසපුවේ ඉදිරි පැවැත්ම පිණිසත් ඔබට ආධාර කිරීමට වාර්ෂික දායකත්වය නම් වූ ක්‍රමයක් සකස් කර ඇත.
වාර්ෂික දායකත්වයට සම්බන්ධ විය හැකි ආකාර…
තමන් ලබාගන්නා දායකත්වයන් වෙනුවෙන් වර්ෂයේ කැමති දිනයන් වෙන්කර ගත හැක. එම දිනයට දායකත්වය සම්පූර්ණ වී ඇත්නම් පින්වත් භාණ්ඩාගාරික මහතා ඔබට ඇමතුමක් දී වෙනත් දිනයක් ලබා ගැනීම පිළිපද විමසනු ඇති. එම දායකත්ව දිනයේ දී අසපුවේ පැවැත්වෙන බුද්ධ වන්දනාවේ දී ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාට ම පුණ්‍යානුමෝදනා කරනු ලබයි.
සැදැහැ සිතින් යුතුව වාර්ෂික දායකත්ව සාමාජිකත්වය ලබාගැනීමට

සැදැහැ සිතින් යුතුව වාර්ෂික දායකත්ව සාමාජිකත්වය ලබාගැනීමට QR කේතය Scan කරන්න

වැඩි විස්තර දැනගැනීම සදහා – 0435 674 366 (සංඝෝපස්ථායක ස්වාමීන් වහන්සේ)
මෙම මොහොතේ පින්වත් ඔබට පහසු අයුරින් දායක වීමට කැමැති වන්නේ නම්

පින්වත් ඔබ මේ වනවිට වාර්ෂික දායකත්ව සාමාජිකත්වය ලබා සිටින්නේ නම් පමණක් ඔබගේ ආධාර මුදල ලබාදෙන විට, ඔබගේ නම සහ Email ලිපිනය ඒ සමග ඇතුළත් කරන්න.