මොහොතක් සිටින්න

ගෞතම බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් පිහිට සළසාදීමේ අරමුණින් 2019 වසරේ දී මෙල්බර්න් වෙස්ට් මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන ලදී. මේ වන විට එමගින් මාසික සීල භාවනා වැඩසටහන්, ළමා වැඩසටහන්, යොවුන් වැඩසටහන්, වස්සාන වැඩසටහන් මාලාවන්, අසපුවේ සිදුකරන ධර්ම දේශණා සහ භාවනා වැඩසටහන්, නිවෙස් වල සිදුකරන ධර්ම දේශණා සහ සෙත් පිරිත් සජ්ඣාඣායනා කිරීම් ආදී නොයෙකුත් සදහම් වැඩසටහන් සිදුකරමින් සුවිශේෂී සාසනික මෙහෙවරක් සිදුකරනු ලබයි.

මෙසේ බොහෝ දෙනාට සෙත සුව සළසමින් මෙම භාවනා අසපුව පවත්වාගෙන යනු ලබන්නේ සැදැහැවත් ඔබගේ පින්බර දායකත්වයෙනි. එසේ ඔබ පිරිනමනු ලබන මුදල් පරිත්‍යාගයෙන් අප අසපුවේ මාසික ණය පියවීමටත්, සංඝෝපස්ථාන සදහාත්, දුරකථන සහ ජල බිල්පත් සදහාත්, ස්වාමීන් වහන්සේලාගේ වීසා සහ ගුවන් ගමන් ටිකට් පත් ආදිය සදහාත්, අසපුව තුළ සිදුවන සංවර්ධන ක්‍රියාවන් ආදිය සදහාත් යොදා ගනු ලබයි.

  • එක් වාර්ෂික දායකත්වයක් $300 (මාසිකව ගෙවන්නේ නම් $25 බැගින්)

  • වාර්ෂික දායකත්වයන් දෙකක් $600 (මාසිකව ගෙවන්නේ නම් $50 බැගින්)

  • වාර්ෂික දායකත්වයන් තුනක් $900 (මාසිකව ගෙවන්නේ නම් $75 බැගින්)

තමන් ලබාගන්නා දායකත්වයන් වෙනුවෙන් වර්ෂයේ කැමති දිනයන් වෙන්කර ගත හැක. එම දිනයට දායකත්වය සම්පූර්ණ වී ඇත්නම් පින්වත් භාණ්ඩාගාරික මහතා ඔබට ඇමතුමක් දී වෙනත් දිනයක් ලබා ගැනීම පිළිපද විමසනු ඇති. එම දායකත්ව දිනයේ දී අසපුවේ පැවැත්වෙන බුද්ධ වන්දනාවේ දී ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාට ම පුණ්‍යානුමෝදනා කරනු ලබයි.