
යමෙක් සංඝයා උදෙසා සේනාසන පූජා කරයි ද ඔහු සියල්ල පිදුවා වෙයි.!
කිංදද සූත්‍රය – ගෞතම බුදුරජාණන් වහන්සේ
මහමෙව්නාව මෙල්බර්න් වෙස්ට් භාවනා අසපුව මගින් දියත් කෙරෙන උතුම් ශාසනික මෙහෙවර ඉඩකඩ සහිත ස්ථානයක පහසුවෙන් සිදුකිරීමේ උතුම් අදහස් පෙරදැරි කරගෙන මිලදී ගත් මෙම පුණ්‍ය භූමිය බොහෝ දෙනෙකුට උතුම් සදහම් දායදය ලබා දෙනු වස් සම්බුදු සසුනට පූජා කොට පමණ කළ නොහැකි තරම් පින් රැස් කොට දෙව්ලොව සැපත් අමා මහ නිවන් සැපත් සළසා ගැනීමේ අතිශය දුර්ලභ අවස්ථාවක් දැන් උදා වී ඇත.
මහා සංඝරත්නය පරිහරණය කිරීමෙන් රැස් වන පිනට අමතරව ධර්ම දේශණා, ධර්ම සාකච්ඡා, මාසික සීල වැඩසටහන්, උදෑසන සවස සම්බුද්ධ වන්දනා, බෝධි වන්දනා, සෑ වන්දනා, සත්බුදු වන්දනා, පිරිත් සජ්ඣායනා, දරුවන්ගේ දහම් පාසල, යොවුන් දරුවන් සදහා කෙරෙන දහම් අධ්‍යාපනය ආදී නොයෙක් ශාසනික කටයුතු වලින් දිවා රෑ පින් රැස්වෙන අති දුර්ලභ පිනකි මෙම ආවාස දානය.
උතුම් සම්බුදු සසුනක පමණක් රැස්කරගත හැකි මේ ආවාස දානමය පින්කමට ශක්ති පමණින් සම්බන්ධ වී Melbourne West ප්‍රදේශයේ සම්බුදු සසුන බබුළුවන උතුම් පින්බිමක් දායාද කොට පරලොව සුගතියත් අමා මහ නිවනත් අවබෝධ කර ගෙන බිහිසුණු සසරෙන් නිදහස් වීමට ඔබ සියළු දෙනාටම වාසනාව උදා වේවා.!
මෙම උතුම් පින්කම හා සම්බන්ධ වීමට

සැදැහැ සිතින් යුතුව ආරාම පූජාව සදහා දායක වීමට QR කේතය Scan කරන්න

වැඩි විස්තර දැනගැනීම සදහා – 0435 674 366 (සංඝෝපස්ථායක ස්වාමීන් වහන්සේ)
මෙම මොහොතේ පින්වත් ඔබට පහසු අයුරින් දායක වීමට කැමැති වන්නේ නම්

☀️ / 🌙
$
Please enter a valid donation amount.
Arama Puja · Mahamevnawa Melbourne West